ශ්‍රී ලාංකික රස දැන් ජපානයේත්

ජපානයේ ටොචිගි ප්‍රාන්තයේ අෂිකගා නගරයේ SORA UMi වෙළඳ සංකීර්ණය හා අවන්හල සඔරි එක්ස්පෝට් සභාපති ජයන්ත හෙට්ටිආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලබනවා.
මෙම අවස්ථාව සඳහා ටොචිගි භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද මාවතුරේ චන්දිම ස්වාමින් වහන්සේ වැඩමකල අතර පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පමුණුවන ලද අතර මේ අවස්ථාව සඳහා ජපන් ජාතිකයන් විශාල ප්‍රමාණයක් මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවද සහභාගි වන්නට යෙදුණා.
ශ්‍රී ලංකාවේ සියළුම ආහාර වර්ග ශ්‍රී ලාංකික අපේ රසයෙන් පිසින ලද ආහාර වන අතර වියළි ආහාර වශයෙන්ද ජපානය පුරා බෙදා හැරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, එයින් ජපන් ජාතිකයන් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා යොමුකර ගැනීමට හැකිවේයැයි අපේක්ෂා කරනවා.