එදා මෙදා තුර අපේ රටේ සිදු වූ දරුණුතම ස්වභාවික අපදාව ලෙස සැලකෙන සුනාමි ව්‍යවසනයට අදට (26) වසර 20ක් සපිරෙනවා.
රුදුරු ත්රස්ත්රවාදයෙන් බැට කමින් සිටි ශ්‍රි ලාංකිකයින් එල්ටීටීඊ බලපෑම මදකට අමතක කර දමා උදා වූ නත්තල මහත් හරසරින් සමරමින් සිටියා.
නමුත් කිසිවෙකු සිහිනයකින් හෝ අපේක්ෂා නොකළ ඉන්දුනීසියානු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණ 9.3ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් හට ගැනීමත් සමග පෙරවරු 9.30ට පමණ වියරු වූ උදම් රළ වෙරළ ප්‍රදේශ රැසකට කඩා වැදුනේ පෙරදින උදා වූ නත්තලේ සිරිය විදගනිමින් සිටි සියළු දෙනාටම දරාගත නොහැකි වේදනාවක් උදාකර දෙමින්.
ඉතිහාසයේ විහාර මහ දේවිය සමයේ මුහුද ගොඩ ගැලූ බව පමණක් අසා ඇති, සුනාමිය කියන වචනය පවා අසා නොසිටි අපේ රටේ මිනිසුන් විශාල පිරිසක් උදම් රළට ගොදුරු බොහෝ දෙනෙකුට මේ සිදුවන්නේ කුමක් දැයි පවා සිතාගැනීමට අපහසු වී තිබුණා.
පැය කිහිපයක් තුළ සිදුවූ මෙම ව්‍යසනයෙන් අහිංසක ජීවිත 35,000ක් පමණ අකාලේ විනාශ වී ගියේ රටම ශෝකයේ ගිල්වමින්.
අතුරුදන් වූ තවත් සැලකිය යුතු පිරිසක් පිළිබඳ තොරතුරු වාර්තා නොවූ අතර 516,150 දෙනෙකුට මේ ව්‍යවසනය හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ අතර
2004 දෙසැම්බර් 26 වැනිදා ඉරිදා අලුයම 6.58ට හටගත් භූමිකම්පාව හේතු කොටගෙන මහ සයුර ගොඩගැලීම හේතුවෙන් ශ්‍රී ලංකාව,ඉන්දියාව,ඉන්දුනීසියාව,තායිලන්තය,මැලේසියාව, මාලදිවයින හා බුරුමය යන රටවල් ද අප්‍රිකාවේ සෝමාලියාව යන රටවල්වලට දරුණු ලෙස හානි සිදු වුණා.
එදින අඩි තිහක් උසට සුනාමි රළ ගොඩබිමට පැමිණි බවයි වාර්තා වන්නේ.
ඉන් අමතක කළ නොහැකි දුක්බරම මතකය වන්නේ සුනාමියට ගොදුරු වූ පැරෑලියේ දුම්රිය ව්‍යසනය.
මේ ව්‍යවසනය 2004 ශ්‍රි ලංකා සුනාම්- දුම්රිය ව්‍යසනය ලෙසයි හැදින් වෙන්නේ.
මෙම ව්‍යසනය, ඉතිහාසයේ දුම්රික් හා සම්බන්ධව සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, සිදුවීම ලෙසද හැදින්වෙනවා.
දෙසැම්බර් 26 වෙනිදා උදෑසන 6.55ට පමණ කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළින් ගමන් ආරම්භ කළ අතර ඒ අවස්ථාවේදී දුම්රිය තුළ ප්‍රවේශපත්‍ර සහිත මගීන් 1000-1500 ක් අතර ප්‍රමාණයකුත්, ප්‍රවේශපත්‍ර රහිතව සිටි මගීන් නොදන්නා සංඛ්‍යාවක් සිටි බවයි සදහන් වන්නේ.
කොළඹ සිට ගාල්ල දක්වා වූ නියමිත ගමන් මග අතරතුර හමුවුන, තෙල්වත්ත නැවතුම ආසන්නයේ පිහිටි පැරෑළිය ග්‍රාමයේ ධාවනය වෙම්න් පැවති දුම්රිය වෙත සුනාමි රළ ගැටීම නිසා මෙම අනතුර සිවු වුණා. කොළඹ දුම්රිය නැවතුම්පොළින් පිටත් වූ දුම්රිය 9.30 වන විට තෙල්වත්ත අසල පැරෑලිය ග්‍රාමය ඔස්සේ ධාවනය වෙමින් පැවතුණා.
සුනාමි රළ පහර හේතුවෙන් ජලයෙන් පිරී ගොස් තිබූ දුම්රිය මැදිරි අතර සිටි පිරිස් ඒ තුළම ගිලී මිය ගිය අතර, සමහරක් දෙනා ජල පහරේ ගලා ගෙන ආ සුන්බුන්වල ගැටීම නිසා ජිවිතක්ෂයට පත්වුණා .
මේ අවස්ථාවේහි දුම්රියේ ගැටී තිබුණු සුනාම් රළ පහර, සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට මීටර 7.5 - 9 පමණ උස් වූ රළ පහරක් බවයි පැවසෙන්නේ.
අනතුර නිසා පුද්ගලයන් 1,700 කර වඩා වැඩි පිරිසක් මිය ගිය අතර එම ප්‍රමාණය ඊට පෙර දුම්රිය ඉතිහාසයේ වාර්තා වී තිබූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, 1981වසරේ සිදු වූ බිහාර් දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක්.
දරුවන්ට දෙමව්පියන්, දෙමව්පියන්ට දරුවන්, බිරින්දෑවරුන්ට ස්වාමිපුරුෂයන් මෙන්ම ස්වාමිපුරුෂයන්ට බිරින්දෑවරුන් අහිමි කළ මෙම ව්‍යවසනයෙන් කිසිදා අමතක කළ නොහැකි වේදනාත්මක මතක ගොන්නක් ලාංකිකයන්ට ඉතිරි කළා.
මේ නිසා සෑම අතකින්ම කඩා වැටුණු ශ්‍රි ලාංකිකයින් නැවත නැගී සිටින්නේ නැවතත් කිසිදු දිනයක මෙවැනි විපතක් මේ පින්බිමට අත් නොවේවා යන ප්‍රාර්ථනයත් සමගින්.