බැංකු සේවකයෙකු ඝාතනය වෙයි

මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක කාර්යාල කාර්ය සහයකයෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බෙරළපනාතර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි එක් දරු පියෙක්ය.

තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති අතර
බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද අලුයම ජීවිතක්‍ෂයට පත් ව තිබෙනවා.

ඝාතනයට හේතුව හෝ ඝාතනය සිදු කළ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.