චීනයේ පිහි ඇණුමක්

නැගෙනහිර චීනයේ වුක්සි නගරයේ වෘත්තීය පුහුණු ආයතනයක සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබෙන අතර තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

වුක්සි නගරයේ වෘත්තීය කලා හා තාක්ෂණ ආයතනයේදී එම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු එම වෘත්තීය පුහුණු ආයතනයේම අධ්‍යාපනය ලැබූ 21 හැවිරිදි ශිෂ්‍යයෙක් වෙනවා.

පොලීසිය පැවසුවේ ඔහු සිය විභාගවලින් අසමත් වී ඇති අතර උපාධිය ලබා ගැනීමට නොහැකි වීම සහ ඔහුගේ සීමාවාසික පුහුණුවෙදී ඔහුට ලබා දුන් වැටුප ගැන සෑහීමකට පත් නොවීම නිසා ඇති වූ කලකිරීම මත එම පිහි ඇනුම සිදු කර ඇති බවයි.