16ට අඩුයි නම් සමාජ මාධ්‍ය තහනම්

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය තිබෙනවා.

මේ අතර එම යෝජනාව සහිත නව නීති එළැඹෙන සතියේදී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කර සිටියා.

අගමැතිවරයා පවසන්නේ,

'මෙය අපේ පියවරුන්ට සහ මව්වරුන්ට ඔවුනුත් මම වගේම අන්තර්ජාලය නිසා දරුවන්ට හානියක් වෙතැයි කනගාටුවෙනවා...මම කැමතියි ඔස්ට්‍රේලියානු දෙමව්පියන්ට කියන්න, රජය ඔබ සමග ඉන්නවා...' යනුවෙනි.

එහෙත් දැනටමත් සමාජ මාධ්‍ය භාවිත කරන දරුවන් සඳහා එම තහනම බලාත්මක නොකරන බව සඳහන් ය.

එසේම දෙමව්පියන්ගේ කැමැත්ත සහිතව සමාජ මාධ්‍ය භාවිතා කිරීමට තහනම් නොවන බවද සදහන්.