හරීන්ට ඇප

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මිට සුළු මොහොතකට පෙර ඇප මත නිදහස් කර තිබෙනවා.

ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක් මත හරීන් ප්‍රනාන්දු මහතා නිදහස් කිරීමටයි බදුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත්තේ.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නීති විරෝධී ප්‍රචාරණ කටයුතු සිදුකිරීම ඇතුළු චෝදනා 06ක් ඔහුට එරෙහිව එල්ල වී තිබුණ අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාවකට අදාළව හරීන් ප්‍රනාන්දු මහතා අද (20)පෙරවරුවේ බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.