ඉන්ධන පිරවුම්හලක් අසල පිපිරීමක්

අගුණකොලපැලැස්ස,රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරා ගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ගරාජය තුල සිටි 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

ඊයේ (16) සවස 6.45 ට පමණ මෙම පුපුරායාම සිදුවී තිබෙන අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අගුණකොලපැලැස්ස,රන්න පාර,අංක 128/02 ලිපිනයේ පදිංචිව සිටි බෝවල ගම් ආචාරිගේ සදීප සිත්මිණ නමැති තරුණයෙක්.

පුපුරා ගිය බැරලය ගරාජයේ වාහන වල තීන්ත ආලේපනය කිරීමට අවශ්‍ය තිනර් රැගෙන එන ලද හිස් යකඩ බැරලයක් බවත් එහි එකතුවූ ගෑස් තත්වයක් මත බැරලය හදිසියේ පුපුරා යන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ.