කැලණි ගඟේ පුද්ගල මළ සිරුරක්

කැළණි ගඟේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් ඇති බවට පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශනයක් සිදු කර තිබෙනවා.

මෘතශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර කොළඹ මෘත ශරීරාගාරයේ මේ වන විට තැන්පත් කර ඇත.

පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

වයස අවුරුදු 45ත් 50ත් අතර වන බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය ගැන පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.