ඉන්දියාවේ ශ්‍රී ලංකා කොමසාරිස් සන්තූෂ් ජා මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියොජිත පිරිසක් පාත්ෆයින්ඩර් පදනමේ පෑලියගොඩ පිහිටි මූලස්ථානයට

ඉන්දියාවේ ශ්‍රී ලංකා කොමසාරිස් සන්තූෂ් ජා මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියොජිත පිරිසක් පාත්ෆයින්ඩර් පදනමේ පෑලියගොඩ පිහිටි මූලස්ථානයට ඊයේ (ඔක්.) 30 දා පැමිණි අතර පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා මුණගැසිණ.

නියෝජිත පිරිස පාත්ෆයින්ඩර් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති ඉන්දියා ශ්‍රී ලංකා අධ්‍යයන මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය කල අතර පාත්ෆයින්ඩර් පදනම ඉන්දියාවේ දේශපාලන සංවිධාන,එරට බුද්ධි මණ්ඩල හා විශ්ව විද්‍යාල පර්යේෂණ අංශ සමග පවත්වන සබදතා ගැන මෙහි දී සාකච්ඡා කළේය.

ඉන්දියා ශ්‍රී ලංකා සහයෝගීතාව තරකරන අතර සමාජ ආර් ථික සහයෝගීතාව සම්බන්ධයෙන් දෙරට අතර ජනතාව දැනුම්වත් කරන ආකාරය මෙම හමුවේ දී සාකච්ඡා කෙරිණ. පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර් නාඩ් ගුණතිලක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබුණා.

රාජ්‍ය තාන්ත්‍රික නියොජිත පිරිස කැළණි ගග ඔස්සේ කැළණිය රජමහා විහාරය තෙක් ගමන් කළ අතර එහි දී කැළණිය රජමහා විහාරාධිපති,කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත අනු නායක හිමිපණන් ද මුණ ගැසිණ.