මහමැතිවරණයෙ ආරක්ෂා දැඩි වෙයි

ඉකුත් ජනාධිපතිවරණයට වඩා වැඩි ආරක්‍ෂාවක් එළඹෙන මහමැතිවරණයේදී යෙදවීමට තීරණය කර ඇතැයි පොලීසිය පවසනවා.

මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයින් ඉහළ යාම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයිපොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසන්නෙ.

මෙවර මහමැතිවරණයට අදාළව මේ දක්වා අපේක්‍ෂකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලීසියට ලැබී ඇති මැතිවරණ පැමිණිලි ගනන 120ක්.