දිපාවලි දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලි උත්සවය අද සමරනු ලබනවා.

විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම සිහිපත් කිරීම දීපාවලි උත්සවයේ අරමුණයි.

නිවෙස් තුල පහන් දල්වා මෙම උත්සවය සැමරීම සිදුකරනු ලබන අතර අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් එය සිදු කරනු ලබනවා.

මේ අතර දීපාවලි උත්සවය නිමිත්තෙන් කොටුව සහ කන්කසන්තුරය අතර ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (31) සහ හෙට (01) යන දිනයන්හිදි විශේෂ දුම්රියක් ලෙස අමතර ධාවනය සඳහා යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව වාර්තා වනවා.