ඔස්ට්‍රේලියාව කම්පා කළ මරණය

ඔස්ට්‍රේලියාවෙන් බිහිවුණු විශිෂ්ට වේගපන්දු යවන්නෙක් ලෙස සැලකෙන කාල් රැකමන් ගේ සොහොයුරිය ඇයගේ බ්‍රිස්බෙන් නිවසේදී ඇතිවූ ගැටුමකින් අනතුරුව මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

පොලීසිය පවසන්නේ ඇයගේ පුත්‍රයා විසින් එම ඝාතනය සිදුකර ඇති බවට සාක්ෂි ලැබී ඇති බවයි.

61 හැවිරිදි සුසී රැකමන් ව ඇයගේ නිවසේ ඇතිවූ ගැටුමකදී බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වුනා.

ඒ සම්බන්ධයෙන් ඇයගේ 29 හැවිරිදි පුතාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.