තවත් පුද්ගල ඝාතනයක්

බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් දියණිය සමග විවාහ වීමට සිටි පුද්ගලයා විසින් උදැල්ලකින් පහරදී දියණියගේ පියා ඝාතනය කර තිබෙනවා.

ඊයේ (30) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ වේයන්ගොඩ, ගැමුණු මාවත, පත්තලගෙදර ප්‍රදේශයේ නිවසකින් බව පොලීසිය පවසනවා.

එලෙස මියගොස් ඇත්තේ, පත්තලගෙදර, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ද ගැටුමෙන් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත්ව පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබනවා.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර වේයන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.