නේපාලයේ අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිත 100ක් බිල්ලට

නේපාලයට බලපා ඇති ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දින දෙකක් පුරා පවතින දැඩි වර්ෂාපතනය හමුවේ තවත් පුද්ගලයින් රැසක් අතුරුදන් වී ඇති අතර එරට රාජ්‍ය මාධ්‍ය වාර්තාවන් සඳහන් කරන පරිදි මේ වන විට පුද්ගලයින් 3,000 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බවත් සඳහන්.

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ නිවාස දහස් ගණනක් ජලයෙන් යට වී ඇති අතර මහාමාර්ග රැසක් ද අවහිර වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.