මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඩෙල්ෆ් දුපත ආසන්න මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි එම ධීවරයින් පිරිස ඊයේ (29) අළුයම නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.

එහිදී ඉන්දීය ධීවර යාත්‍රා 02ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධිවරයින් සහ යාත්‍රා තලෙයිමන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.