INTERNATIONAL NEWS
-
2025-02-09 11:41 am
-
2025-02-03 4:00 pm
SPORTS NEWS
2024-11-20 12:39 pm
-
2024-11-17 1:36 pm
-
2024-11-13 2:32 pm
-
2024-11-08 10:49 am
-
2024-11-02 11:50 am
වසර 15කට පසු ශ්‍රී ලංකා නවසීලන්තය ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
September 30, 2024 - 10:11 AM

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 154ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) සමත් වුණා.
ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා ලකුණු 514ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තයට රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 360 ක් පමණයි.
ග්ලේන් පිලිප්ස් ලකුණු 78ක් සහ මිශෙල් සැන්ට්නර් ලකුණු 67ක් වාර්තා කළා.
සිය පළමු තරගය ක්‍රීඩා කළ නිශාන් පීරිස් කඩුලු 06ක් දවාගත්තා.
ප්‍රභාත් ජයසූරිය දවාගත් කඩුලු සංඛ්‍යාව 03ක්.
තරගය පැවැත්වුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලු 05 ක් දැවී ලකුණු 602 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.
කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 182ක් රැස් කළේ වාර්තා කිහිපයකට හිමිකම් කියමින්.
ඔහු සිය ටෙස්ට් දිවියේ 08 වන තරගයේ 13 වන ඉනිමේදී ශතකය වාර්තා කළේ මෙම වසරේ ලොව වැඩිම ටෙස්ට් ලකුණුලාභියා බවට පත්වෙමින්.
ආසියානු ටෙස්ට් පිතිකරුවන් අතර ශතක 5ක් රැස්කිරීමට අඩුම ඉනිම් ගණනක් වැයකළ ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ ද කමිදු මෙන්ඩිස්.
ඔහු ඉනිම් 13 කදී ටෙස්ට් ශතක 5ක් රැස් කර තිබෙනවා.
ශ්‍රී ලාංකික ටෙස්ට් පිතිකරුවන් අතර වැඩිම වේගයෙන් ටෙස්ට් ලකුනු 1000ක් රැස් කළ ක්‍රීඩකයා බවට ද කමිදු මෙන්ඩිස් පත්ව තිබෙනවා.
ලොව වැඩිම වේගයෙන් ටෙස්ට් ලකුණු 1000 සම්පුර්ණ කළ ක්‍රීඩකයින් අතර කමිදු මෙන්ඩිස් තුන්වන ස්ථානයට පත්වුණේ ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන්ගේ වාර්තාව සම කරමින්.
වැඩිම වේගයකින් ටෙස්ට් ලකුණු 1000 සම්පුර්ණ කළ ආසියානු ක්‍රීකට් ක්‍රිඩකයා බවට ද කමිදු මෙන්ඩිස් පත්වුණා.
නවසීලන්තයට සිය පළමු ඉනිම සදහා සියළුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 88 ක් පමණයි.
ප්‍රභාත් ජයසූරිය කඩුලු 06 ක් සහ නිශාන් පීරිස් කඩුලු 03 ක් දවාගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා නවසීලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 514 ක්.
නමුත් නවසීලන්ත දෙවන ඉනිම ද ලකුණු 360 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
නවසීලන්තය සමග පැවති තරග 02කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2ට බින්දුවක් ලෙස ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකාවයි.
අවසන් තරගයේ වීරයා සම්මානය හිමිකරගන්නේ කමිදු මෙන්ඩිස්.
තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණේ ප්‍රභාත් ජයසූරියටයි.
නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලි ජයක් ශ්‍රී ලංකාව වාර්තා කළේ වසර 15 කට පසුවයි.
මෙරටදී නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියක් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ වසර 26 කට පසුවයි.

VIDEO OF THE DAY
BUSINESS NEWS
2024-08-25 10:29 am
-
2024-08-22 12:55 pm
-
2024-08-16 2:37 pm
-
2024-08-16 2:30 pm
-
2024-07-09 5:23 pm
ENTERTAINMENT NEWS
2024-08-25 10:37 am
-
2024-08-13 3:45 pm
-
2024-08-12 2:51 pm
-
2024-08-07 5:37 pm
-
2024-07-08 4:46 pm