ඊශ්‍රායලයට එරෙහිව ඉරානයේ විරෝධතා

ඊශ්‍රායලයට එරෙහිව ඉරානයේ ටෙහෙරාන් අගනුවර විරෝධතාවක් ආරම්භව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහිදී ලෙබනනය ඉලක්ක කරමින් ඊශ්‍රායලය එල්ලකරන ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන ජනතාව මෙලෙස සිය විරෝධය පළ කර තිබෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ විරෝධතාවල පෙරමුණ ගෙන ඇත්තේ සිසුන් බවය.

හිස්බුල්ලා සංවිධානයේ මෙන්ම හමාස් සංවිධානයේ නායකයින්ගේ සහ ඉරාන නායකයින්ගේ රුව රැගත් පෝස්ටර් අතැතිව පිරිස විරෝධතාවේ නිරත ව තිබුණා.