ඉරානය ශෝකයෙන්

ඉරානය දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ මරණය හේතුවෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් මෙම ශෝක කාලය ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන්.

ඉරානයේ උත්තරීතර නායකයා සඳහන් කර ඇත්තේ පළිගැනීමකින් තොරව මෙම මරණයට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි බවය.