ලංකා පුතුන් ඉන්දියාවේදී වැඩ පෙන්වයි

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙනු පළමු රන් පදක්කම දිනා දෙන්නට කාන්තා මීටර 800 අවසන් තරගයට සහභාගී වු තරුෂි අභිෂේකා සමත් වුණා.

ඒ තරගය මිනිත්තු 2යි තත්ත්පර 10යි දශම 17කින් අවසන් කරමින්.

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම තරගය මිනිත්තු 2යි තත්ත්පර 12යි දශම 13කින් අවසන් කළ ශ්‍රී ලංකාවේ සංසලා හිමාෂනි දිනාගත්තා.

මේ අතර පිරිමි මීටර 800 ධාවන ඉසව්වේ රන් පදක්කම ද දිනා ගන්නට ශ්‍රී ලංකාවේ සවිදු අවිශ්ක සමත් වුනා.

ඒ තරගය මිනිත්තු 1යි තත්ත්පර 49යි දශම 83කින් අවසන් කරමින්.

තරගයේ ආරම්භයේ පටන් සවිදුට අභියෝගයක් එල්ල කරන්නට ඉන්දියානු ක්‍රීඩකයින් දෙදෙනා සමත් වුවත් තරගයේ අවසන් මීටර කිහිපයේදී තරගයේ ප්‍රතිඵලය වෙනස් කරන්නට සවිදු සමත් වුණේ ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දෙමින්.

මේ අතර කාන්තා උස පැනීමේ ඉසව්වේ ද රිදී පදක්කම දිනා ගන්නට කෂ්මිකා තිමේෂී සහ නේත්‍රා සමාධි සමත් වී තිබුණා.

ඒ මීටර 1යි දශම 65ක උසක් වාර්තා කරමින්.

මෙහි රන් පදක්කම ඉන්දියානු ක්‍රීඩිකාව දිනාගත්තා.