ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි ඉල්ලා එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී ඊයේ (08) විරෝධතාවක් පැවැත්වුනා.

එය සංවිධාන කර තිබුණේ එරට වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ පිරිසක් විසින්.

ඔවුන් එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බලකරමින් පවසා සිටියේ, ශ්‍රී ලංකාව සිය මානව හිමිකම් කඩකළ රාජ්‍යක් බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙසයි.

තම දෙමළ ප්‍රජාවට ශ්‍රී ලංකාව තුළ කිසිඳු අයිතිවාසිකමක් නොමැති බවත් සිය මානව හිමිකම් කඩවන බවත් පවසමින් සහ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ රටක් ලෙසට ද ඔවුන් එහිදී චෝදනා කලා.

මෙම විරෝධතාකරුවන් එම විරෝධතාව පැවැත්වූයේ තහනම් සංවිධානයක් වන ළ්ඨ්ඨ්E සංවිධානයේ නිල ලාංඡනයද ප්‍රදර්ශනය කරමින්.

ඊට කුඩා දරුවන් පවා සහභාගී කරවාගෙන තිබුනා.

එමෙන්ම තම නායකයා වේලුපිල්ලේ ප්‍රභාකරන් බවත්, වත්මන් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා නොපිළිගන්නා බවත් විරෝධතාකරුවන් පැවසූ බව අප වාර්තාකරු සඳහන් කලා.