ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයේ උපකුලපති කොළඹ වරාය නගරයේ සංචාරයක

ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය කොලින් ජේ.ස්ටර්ලින් (Cඔලින් J. Sටිර්ලින්ග්), කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය තුළ සැලසුම් කර ඇති අධ්‍යාපනික ආයෝජන අවස්ථා පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාවල කොටසක් ලෙස පසුගියදා කොළඹ වරාය නගර පරිශ්‍රයේ සංචාරයක නිරත වුණා. ඔහු සමඟ පැමිණි නියෝජිත කණ්ඩායමට ඝටෙවය් ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපති ආචාර්ය හර්ෂ අලස් ද ඇතුළුව තවත් නිළධාරීන් පිරිසක් ද පැමිණියා. නියෝජිත කණ්ඩායම   නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහරේ සහ අනෙකුත් නියෝජිතයින් විසින් පිළිගත්තා. මහාචාර්ය ස්ටර්ලින්ගේ කොළඹ වරාය නගර සංචාරයට පෙරාතුව, ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලය අක්වෙරළ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවක ද නිරත වුණා. ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාල නියෝජිත කණ්ඩායම අග්‍රාමාත්‍ය ලේකම් සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සාමාජිකයකු ද වන  අනුර දිසානායක සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන අය ද හමුවීමට කටයුතු කළා.