කොටස් වෙළෙඳපොළ 12,000න් පහළට පසු බසී

 ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාවෙන් පහළට පැමිණෙන ලදී. එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 110.55 කින් පහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 11,926.59 ක් ලෙසින් වාර්තා වුණා.

2024 අප්‍රේල් 24 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාව මෙය වෙනවා.